රුසියාවේ හිමකදු කඩාවැටීමකින් දෙසිය හතලිස් දෙදෙනෙක් අතුරුදන්වු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
රුසියාවේ නොරිල්ස්ක් නගරයේ හිම කදු කඩාවැටීමෙන් දෙසිය හතලිස් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. සිද්ධියෙන් තුන්දෙනෙකු මියගිය බවයි වාර්තා වෙන්නේ.
අතුරුදන්වූ පිරිස් සොයා විශේෂ මෙහෙයුම් ද ආරම්භ කරල තියෙනවා.
මේ අතර හිම කුණාටුවක් හේතුවෙන් ස්පාඤ්ඤයට ද දැඩි බලපෑම් එල්ල වුණා. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට ඉදිරි පැය 24 තුළ දරුණු හිම පතනයක් පතිත වියහැකි බවටද අනතුරු ඇගවීම් කර තිබෙනවා. මැඩ්රිඩ් ගුවන් තොටුපොල වසාදමා ඇති අතර මාර්ග රැසක් හිමෙන් වැසී ඇති බවයි වාර්තා වෙන්නේ.