ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය සංවිධාන කළ මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහනක් පැවැත්වුණා.
කොළඹ 10 විහාර මහා දේවී විද්‍යාලයේ දීයි මෙය පැවැත්වුණේ. දිවයින පුරා දුෂ්කරතා සහිත පාසල් 30 ක් තෝරාගෙන එම පාසල්වලට විෂබීජනාශක දියර ඉසින යන්ත්‍ර කට්ටල, විශබීජනාශක දියර සහ පාදයෙන් ක්‍රියාත්මක කරන ජල කරාම ලබා දීම මේ යටතේ සිදු කෙරුණා. ආරක්ෂක අංශ සමාජිකයන් සදහා ආරක්ෂික ඇදුම් කට්ටල සියයක් සහ ලුනාව ආයුර්වේද රෝහල ඇතුළු ආයතන කිහිපයක් වෙත මුඛ ආවරණ සහ අත්සේදුම්කාරක අඩංගු පාර්සල් 100 ක් බෙදා හැරීම ද සිදු කෙරුණා.
මේ අතර කලාකරුවන් සදහා භාණ්ඩ බෙදා දීමට ස්වාධීන කලා පර්ශදය කටයුතු කළා. ඉතාලියේ වෙසන චිත්‍රපට නිශ්පාදන නිශාන්ත ජයකොඩි මහතා ඇතුළු පිරිසකගේ දායකත්වයෙනුයි මෙම පරිත්‍යාගයන් සිදු කෙරුණේ. කලාකරුවන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්වුණා.