බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇදිරි නීතිය අද උදෑසන ඉවත් කිරීමත් සමග මැනිං පොදු වෙළදපොළ විවෘත කරන බවට දැනුම් දී තිබුණා. එහෙත් අද උදෑසන වෙළෙඳුන් එළවළු තොග රැගෙන එන අවස්ථාව වන විටත් මැනිං වෙළදපොල විවෘත නොකිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති වුණා.
මැනිං වෙළදපොල ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු වාර්තා වීමත් සමග පසුගිය දින කිහිපය තාවකාලිකව වෙළෙදපොල වසා තැබීමට පියවර ගැනුණා.දුර පළාත්වලින් ගෙන එන එළවළු තොග ජංගම රථ යොදා ගනිමින් බෙදා හැරීමටයි මැනිං වෙළදපොල පොදු සේවක සංගමය පියවර ගත්තේ. කෙසේ වෙතත් බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග මැනිං වෙළදපොලද විවෘත කරන බවට දැනුම් දී තිබුණා. ඒ අනුවයි වෙළදුන් එළවළු තොග රැගෙන අද උදෑසන මැනිං වෙළදපොල වෙත පැමිණ සිටියේ.
ඇතැම් වෙළදුන් එළවළු තොග යළි රැගෙන යාමට කටයුතු කළා. එහෙත් වෙළෙදුන් කිහිප දෙනෙකු මාර්ගය දෙපස එළවළු අලෙවි කරන ආකාරය ද දැක ගත හැකි වුණා. මෙම තත්ත්වය හමුවේ තමන් දැඩි පීඩාවට පත් වූ බවයි වෙළෙදුන් ප්‍රකාශ කළේ.
කෙසේ වුවද වෙළද මහතුන් සමග මේ සම්බන්ධනේ සාකච්ඡා කර ඔවුන්ට විසදුම් ලබාදීමට ක්‍රියා කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_PPUN7vwmOA”]