චීනයේ සිචුවාන් ප්රාන්තයට දැඩි ගංවතුර තත්ත්වයක් බලපා තිබෙනවා.
ඒත් සමග එරට වසර එක්දහස් තුන්සියයක් පමණ පැරණි බුද්ධ ප්රතිමාවක් ජලයෙන් යටවීමේ අවදානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. ක්රිස්තු වර්ෂ 713 දී නිර්මාණය කර ඇති මීටර් 71 කින් යුත් බුද්ධ ප්රතිමාව සිචුවාන් ප්රාන්තයේ ගංගා ආශ්රිත ප්රදේශයකයි පිහිටා තිබෙන්නේ. දිනෙන් දින ඉහළ යන ගංවතුර හේතුවෙන් මෙම බුද්ධ ප්රතිමාවේ පාද ප්රදේශය දක්වා ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. වසර 70 කට පසු මෙම බුද්ධ ප්රතිමාව ගංවතුර තර්ජනයට මුහුණපාන පළමු අවස්ථාව ලෙසයි මෙය සඳහන් වන්නේ.