කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයින් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැති බවට තහවුරුවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර ඒ තුළින් මෙම තත්ත්වය තහවුරු වූ බවයි ඒ මහතා සදහන් කරන්නේ.
කන්දකාඩු පොකුරට අදාළව පුද්ගලයින් පන්දහසකට අධික පිරිසකගේ පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊට අදාළ පීසීආර් පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
මේ අතර කන්දකාඩු පොකුරෙහි ආසාදිතයින් හමුවීම මේ වනවිට අඩුවී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/couh0BOA8O4″]
රාජාංගනය ප්‍රදේශය තුළ පුද්ගලයින් දෙළොස්දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට ලක්කර ඇති බව ද සෞඛ්‍ය අංශ පවසනවා. රාජාංගනය යාය එක ප්‍රාථමික විද්‍යාලයේ පහ ශ්‍රේණිය සිසුන් 51 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණවලට අදාළ සාම්පල ලබාගැනීම රාජාංගනය සති පොළ භූමිය අසළදී සිදුකෙරුණා. ඊට අමතරව රාජාංගනය අංගමුව ප්‍රදේශයේ පුද්ගලයින් 40 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සදහා සාම්පල ලබාගත් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.
කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යා අංශය මගින් සිදුකරන පීසීආර් පරීක්ෂණ සදහා සාම්පල ලබාගැනීම අඛණ්ඩව සිදුකෙරෙනවා. ඒ අනුව කොළඹ 4 බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රජාවගේ අහඹු නියදියකින් හා කන්දකාඩු මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් 40 කගේ පීසීආර් පරීක්ෂණ සදහා සාම්පල ලබාගැනීම සිදුකෙරුණා.
