2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග පාවා දීමක් සිදු වූ බවට තමන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන අවසන් කළ බවට කළ ප්‍රකාශය පිළිබද විධිමත් පරික්ෂණයක් සිදුකරන්නැයි එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
මෙතෙක් ලබා දී ඇති සාක්ෂි අනුව 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී පාවාදීමක් පිළිබද කරුණු අනාවරණය වී නැති බැවින් විමර්ශන අවසන් කිරීමට තීරණය කළ බ්වයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ (03) ප්‍රකාශ කළේ.
එවකට තේරීම් කමිටු සභාපතිවරයාව සිටි අරවින්ද ද සිල්වා මෙන්ම උපුල් තරංග හා කුමාර් සංගක්කාරද මේ පිළිබද විමර්ශනයේදී කරුණු ඉදිරිපත් කළා. එම කරුණු විමර්ශනය කිරීමේදී තරග පාවා දීමක් සිදුව නැති බවට හෙළි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ. එබැවින් විමර්ශන කටයුතු අවසන් කෙරුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද සදහන් කරන්නේ තරග පාවාදීමක් සිදු වූ බවට කරුණු නොමැති බවයි.
මේ පිළිබද මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය හමුවේ කරුණු දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-aadlopCiag”]