යහපාලන රජය සමයේ සිදු වූ මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එවකට අග්රාමාත්යවරයාව සිටි රනිල් වික්රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සාක්ෂි ලබාගනිමින් සිටිනවා.
කොළඹ හත කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙසේ සාක්ෂි ලබාගැනීම සිදුවනවා. මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්රීපාල සිරිසේන මහතාගෙන් මෙන්ම රනිල් වික්රමසිංහ මහතාගෙන් ප්රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා පසුගිය ජුනි 18 වනදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා.
ඒ අනුවයි අද (03) දිනයේ මෙසේ සාක්ෂි ලබාගැනීම සිදුවන්නේ.
එමෙන්ම හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ එස් පාස්කරලිංගම් හා හිටපු බැංකු නිලධාරියෙකුගෙන් ද ප්රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණා.