ජනාධිපති සමාව ගැන රංජන්ටන් බලාපොරොත්තුවක්
Related Articles
ඉදිරියේ දී තමාට නිදහස ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රකාශ කළා. ඒ අධිකරණ කටයුත්තක් සදහා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට අද රැගෙන ආ අවස්ථාවේදීයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතිනවා. ඒ හේතුවෙන් දැඩි කතාබහට ලක්වූ රංජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට අද රැගෙන ආවේ නඩු කටයුත්තකට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම සදහායි. එම කටයුතු අවසන්වීමෙන් පසු පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඒ මහතා මෙසේ පිළිතුරු ලබාදුන්නා.