විදේශයන් හි රැකියාවල නිරත මෙරට ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු සැලසුම් කිරිම සඳහා තොරතුරු සංගණනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.
වැඩපිළිවෙළ යටතේ විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු මෙන්ම ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී සිදු කිරීමට නියමිත සියලු කාර්යයන් ඉලක්ක කර ගනිමින් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම සිදුවනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ ඇති අයැදුම්පත ඔන් ලයින් ක්‍රමයට සම්පූර්ණ කර තමන් වෙත යොමු කරන ලෙසයි විදෙස් ගත ශ්‍රී ලාංකික සියලු ශ්‍රමිකයන්ගෙන් කාර්යාංශය ඉල්ලා සිටින්නේ. සියලු දෙනාගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ද එම කාර්යාංශය බැදී සිටිනවා. එමෙන්ම ලබා දෙන තොරතුරු වෙනත් කාර්යයන් සඳහා යොදා ගන්නේ නැති බව ද අවධාරණය කරනවා.
