අධිවේගී මාර්ගවල ධාවනය වන අධි සුඛෝපභෝගී බස් රථවල අය කරන ගාස්තුව මගීන්ට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇති බැවින් ඒ සදහා විසදුම් ලබාදීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දෙයි.
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගී බස් රථවල අයකරන ගාස්තු සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ඉදිරිපත්ව තිබෙනවා. මෙසේ ගාස්තු අය කිරීම සාධාරණ ද යන්න සොයා බලා මගීන්ට සහන සැලසීමේ ක්‍රමවේදයක් සකසන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දුන්නා.
එමෙන්ම දැනට සාමාන්‍ය බස්රථ ධාවනයේ දී මගී ජනතාවගේ වැඩි ඉල්ලුමක් පවතින්නේ වායු සමනය කළ බස් රථ සදහායි. එබැවින් ප්‍රධාන නගර අතර පමණක් නොව සාමාන්‍ය පරිදී මගී ප්‍රවාහනය සදහා වායු සමනය කළ බස් රථ යෙදවීමේ හැකියාව පිළිබදව ද සොයා බලන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.