කොංගෝ රාජ්‍යයේ යළි ඉබෝලා වසංගතය පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා.
15 හැවිරිදි දැරියක ඇතුළු 05 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් රෝගින් 09 දෙනෙකු කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වි තිබෙනවා.
කොරෝනා වසංගතයත් සමඟ ඉබෝලා පැතිරයාම බරපතල අර්බුදයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ.
ළමුන් රෝගයට ගොදුරුවීම පාලනයට විශේෂ පියවර අනුගමනය කිරිමේ අවශ්‍යතාව ද යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරනවා.
