රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඒ පාසල් ළමයින්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට රඳවා සිටින්නේ මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේයි. එම මධ්‍යස්ථානයට පැමිණි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැය 3 ක පමණ කාලයක් රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.