කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් දකුණු කොරියාවට තවදුරටත් තර්ජනය එල්ලවෙමින් පවතිනවා. වෛරසයෙන් මියගිය ගණන 10 දක්වා ඉහළ ගොස් ඇති බවයි තේගු නගරයේ සිටින අප නියෝජිත නිසල් රත්නායක පවසන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම වෛරසය පාලනය සදහා ලොවම සූදානම් විය යුතු බවයි. වෛරසය හටගත් චීනය හැරුණුවිට තවත් රටවල් 30 කට මේ වනවිට එය ව්‍යාප්ත වී තිබෙනවා. කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මේ දක්වා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2700 ක්. මෙම වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 80,000 ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
ඉරානය, ඇෆ්ගනිස්ථානය, කුවේට්, ඕමාන් සහ බහරේන්වලින් ද ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් වාර්තාවී තිබුණා. යුරෝපයේ වැඩිම ආසාදිතයින් පිරිස වූ 229 දෙනා වාර්තාවී ඇත්තේ ඉතාලියෙන්. වෛරසය හේතුවෙන් මේ දක්වා ඉතාලියේ පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 60 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවනවා.
ඉතාලිය තුළ වෛරසය ව්‍යාප්තවීමත් සමග එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා. ඉතාලියේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළදී නැති බවයි විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සදහා ඔවුන් පිළිබදව සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව එක්ලක්ෂ හාරදහසකට වැඩි පිරිසකට අධිකයි. තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂණික දුරකතන ඇමතුම් පැය 24 පුරාම ක්‍රියාත්මකයි. අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සදහා උපකාරක කවුළුවක්ද පිහිටුවා තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/corona-11.jpg”]