MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබුවා.
MCC අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදීම සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදීයී. 2019 දෙසැම්බර් 18 වනදා කැබිනට් තීරණයකට අනුවයි මේ සඳහා වන සිව්පුද්ගල කමිටුව පත් කෙරුණේ. ඒ ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදියි. මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිවරයායි. ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස් ජයවීර , ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන් සෙසු සාමාජිකයන් වනවා. ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් මෙම කමිටුවෙන් අපේක්ෂා කරනවා. ඒ අනුව විවිධ පැතිකඩ ඔස්සේ පුළුල් විශ්ලේශන ද සිදු කෙරෙමින් පවතිනවා. සහශ්රක අභියෝගතා සමායතනය ගැන පූර්ණ වාර්තාවක් මාස 04 ක් ඇතුළත භාරදීමට නියමිතයි.