මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ අගනුවර වන වූවාහන් හි හුෂෙන් ෂාන් රෝහලේ නව කොරෝනා වෛරස් නිව්මෝනියාව තත්ත්වයට දරුණු ලෙස මුහුණ පා සිටින රෝගීන් වෙනුවෙන් ක්ෂණිකව ප්‍රතිකාර ලබා දීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.
ෆයි ජී තාක්ෂණයෙන් සැදුම් ලත් රෝග විනිශ්චය පද්ධතියක් භාවිත කරමින් බරපතල රෝගීන්ගේ දුරස්ථ රෝග විනිශ්චය සිදුකිරීම මෙම පද්ධතිය හරහා සිදු කරනු ලබනවා. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මේ සඳහා යොදවා ඇති අතර ශ්වසනය, හෘදරෝග, බෝවන රෝග යන අංශ ආවරණය වන පරිදි රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනිමට කටයුතු සලසා තිබෙනවා. 2003 වර්ෂයේදී බීජිං නගරය විසින් අනුගමනය කරන ලද සාස් රෝගය සඳහා ප්‍රතිකාර කළ ආකෘතිය ප්‍රතිනිර්මාණය කරමින් සිදුකරන මෙම ප්‍රතිකාර සමග කාර්ය මණ්ඩල සාමාජිකයින්ද කාර්ය බහුල වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.