නයිජීරියාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම නයිජීරියාවේ බන්ධනාගාරයක කොටසක් කඩා වැටීමෙන් පසු එහි සිරකරුවන් 118 දෙනකු පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස් ඇත්තේ ඒ අතරින් බව යි සඳහන් වන්නේ
පලා ගිය සිරකරුවන්ගෙන් 10 දෙනකු නැවත අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇතැයි ද, සෙසු සිරකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.