රත්‍රං තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන් තොටුපලේ දී . වයස අවුරුදු 13 ක පිරිමි දරුවෙකු ද ඊට ඇතුලත්. රන් භාණ්ඩ තොගය ගුවන් තොටුපලෙන් රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දෙමටගොඩ සහ වැල්ලම්පිිටියේ පදිංචි දෙදෙනෙක්. රන් මාල , මුදු , කරාබු , අත් පළඳනා සහ රන් කැබලි කිහිපයක් ද අත්අඩංගුවට ගත් රත්‍රං තොගයට ඇතුලත්.
වටිනාකම තක්සේරු කිරිම සදහා කටුනායක ගුවන් තොටුපල රේගුවට ඒවා භාරදෙන බවයි පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශය ප්‍රකාශ කළේ.
