පසුගියදා ඉරානයේ ටෙහෙරාන් නුවරදී කඩාවැටුණු මගීන් 176 දෙනෙකු රැගත් යුක්රේන ගුවන් යානයට ප්රහාර එල්ලකරනු ලැබුවේ අත්වැරදීමකින් බව ඉරානය පිළිගෙන තිබෙනවා.
අදාළ ප්රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් පිළිබදව තමන් වගවන බව ඉරාන රජය පවසනවා. අධිආරක්ෂිත හමුදා කදවුරක් ආසන්නයෙන් අදාළ ගුවන් යානය පියාසර කිරීම නිසා ඊට ප්රහාර එල්ල කළ බවයි ඉරාන ආරක්ෂක අංශ පවසන්නේ.
කෙසේ වෙතත් යුක්රේන ගුවන් යානයේ අනතුරට තමන් කිසිදු ආකාරයකින් සම්බන්ධ නොමැති බවට ඉරානය මීට පෙර ප්රකාශකර තිබුණා. ඉරාන ජනාධිපති හසන් රවුහානි නිවේදනයක් නිකුත් කරමින් මෙම අත්වැරදීම පිළිබද තම කණගාටුව ප්රකාශකර තිබෙනවා.