රත්නපුර දිස්ත්රික් නවක මන්ත්රීවරයෙකු ලෙස වරුණ ප්රියන්ත ලියනගේ මහතා අද (03) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
අභාවප්රාප්ත පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්රී අසුන සදහායි ඔහු දිවුරුම් දුන්නේ.
කෙසේ වුව ද වරුණ ලියනගේ මහතා මෙසේ දිවුරුම් දීමෙන් පසු විපක්ෂයේ අසුන් ගත්තා.
