බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන 04 කට නව ප්‍රධානීන් පත් කර තිබෙනවා.
මෙසේ පත් කෙරුණ නව ප්‍රධානීන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් ලෙස පත් කර ඇත්තේ මහාචාර්ය ගාමිණී අධිකාරි මහතායි. ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ජාතික චිත්රපති සංස්ථාවේ සභාපති ලෙස පත් කර තිබෙනවා. එහි ක්‍රියාකාරී අධ්යක්ෂ ලෙස පත් කර ඇත්තේ රොහාන් වැලිවිට මහතායි. ටවර්හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස ඩග්ලස් සිරිවර්ධන මහතාද, ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ලෙස ස්ටෙලා මාරපන මහත්මියද අග්‍රාමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා.