පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුවී තිබෙනවා.
ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුලු සියලු පුද්ගල තොරතුරු මේ යටතේ එක් ජාතික දත්ත මධ්‍යස්ථානයකට රැස් කිරීමට නියමිතයි. එමගින් කාලය ශ්‍රමය හා මුදල් නාස්තිය අවම කර ගැනීම ජනාධිපතිතුමාගේ අරමුණයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි මේ පිළිබඳ අවධානය යොමුවුණේ. සාවද්‍ය හා වංචනික තොරතුරු සංසරණය වීම වළක්වා ගැනීමට ද මෙම පද්ධතිය මගින් ඉඩ සැලසෙන බව ජනාධිපතිතුමා කියාසිටියා. දෙපාර්තමේන්තු, අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම අමාත්‍යාංශ අතර සම්බන්ධතාව වර්ධනය වීම සංවර්ධන ක්‍රියාවලියේදී ඉතා වැදගත් වන බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ.