ආනයනික අර්තාපල් සදහා පනවා තිබූ රුපියල් 25 ක බද්ද අඩුකිරිමත් සමග අර්තාපල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 50 කින් පහලගොස් තිබෙනවා.
මීට පෙර තොග කිලෝවක් අලෙවි වුණේ රුපියල් 170 ක් වැනි මුදලකට. බදු ඉවත්කිරිමත් සමග තොග කිලෝවක් මේවන විට රුපියල් 120 සහ 125 අතර අලෙවි වන බවයි ආනයන කරුවන්ගේ සංගමය පවසන්නේ. ආනයනික ලොකු ළුෑණු සදහා පනවා තිබු බදු ඉවත්කිරිමත් සමග එහි තොගමිලද පහල ගොස් තිබෙනවා.
මීට පෙර රුපියල් 150 කට පමණ අලෙවි වූ ලොකු ළුෑණු කිලෝවක තොග මිල මේවන විට රුපියල් සියයත් 110 ත් අතර මට්ටමේ පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
රජය ලබාදුන් සහනය පාරිභෝගිකයන්ට ලබාදීම ප්‍රධාන අරමුණ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිදු හිඟයකින් තොරව ලබාදීමට පියවර ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.