කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා නව දුම්රියක් අද ධාවනයට එක් කෙරුණා. දෙනුවර මැණිකේ යනුවෙනුයි එය නම් කර ඇත්තේ.
දෙනුවර මැණිකේ නව දුම්රිය ධාවනය සිදු කෙරුණේ උත්සවාකාරයෙන්. කොටුව දුම්රිය ස්ථානයේදී මෙම උත්සවය පැවැත්වුණේ අමාත්‍ය අර්ජුණ රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
චීනයෙන් ආනයනය කළ එස්- 14 බලවේග දුම්රිය කට්ටයකින් හෙබි මෙම දුම්රිය ආසන 450 කින් සමන්විතයි.
ප්‍රථම පන්තියේ මැදිරි වායු සමීකරණය කර තිබෙනවා. දිනක් හැර දිනක් පෙරවරු හයයි හතලිස් පහට කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය බදුල්ල බලා ධාවනය කිරීමට නියමිතයි.
