වසර 1600 ක් පැරණි රෝමන් මුද්දක් එසෙක්ස් ප්‍රාන්තයෙන් සොයාගෙන තිබෙනවා.
ගොවිපොළක තිබී එය සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රන් ආලේපිත මුද්ද වසර 1600 ක් පමණ පැරණි බව ඒ පිළිබද සිදුකළ පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. එය කාන්තා මුද්දක් බවටයි හදුනාගෙන තිබෙන්නේ.
එම මුද්ද කෞතුකාගාරයකට භාරදීමට සැලසුම් කර ඇතැයි ද එංගලන්ත වාර්තා ප්‍රකාශ කළා.