ශ්‍රී ලංකා පාසල් වුෂු තරගාවලියේ බාලක ශුරතාව දිනා ගැනිමට මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සමත්වුණා. කොළඹ විශාඛ්යා විද්‍යාලය එම තරගාවලියේ බාලිකා ශුරතාව දිනා ගත්තා.
කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවති තරගාවලියට පාසල් 126ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 850 දෙනෙකු එක්ව සිටියා. වයස් කාණ්ඩ 05ක් යටතේ පැවති තරගාවලියේ බාලක ශුරතාව මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය දිනා ගත්තා. එහි අනුශුරයන් බවට පත් වුයේ කොළඹ ආනන්ද විද්‍යාලයයි. කදාන මැසිනද් විද්‍යාලයට තුන් වන ස්ථානය හිමි වුනා. මේ අතර බාලිකා හොකි තරගාවලියේ ශුරතාව දිනා ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයයි. එහි අනුශුරතාව දිනා ගැනිමට කොළඹ මියුසියස් විද්‍යාලය සමත් වුනා. බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය තුන්වන සථානය දිනා ගත්තා.