2015 – 2018 රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදී තිබෙනවා.
ජනාධිපතිතුමා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිතුමා වෙත ඊයේ (26) පස්වරුවේ භාරදුන්නේ ජනාධිපති නිල නිවසේදියි. 2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැළකෙන වංචා දූෂණ පිළිබද සොයා බැලීමට මෙම කොමිසම පත්කර තිබුණා.
විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් වූයේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පස්දුන්කෝරලේ ආරච්චිගේ පේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර් ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම් කේ ඩී විජය අමරසිංහ යන මහත්ම මහත්මීහු කටයුතු කළා. අදාළ කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපල සාපරාධී පරිහරණය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවට පැවරුණු කාර්යයන් වී තිබුණා. ජනාධිපතිතුමා අදාළ කොමිසම පත්කළේ මේ වසරේ ජනවාරි මස 17 වනදායි.