අතිඋතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ මොසැම්බියාවේ එච් අයි වි ඒඩ්ස් රෝගින් ප්‍රතිකාර ලබන රෝහලක නිරික්ෂණ චාරිකාවකට එක්වුණා.
එහිදි ආසාදිත මව්වරුන් සහ දරුවන් හමුවීමට පාප්වහන්සේ කටයුතු කළ බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. ඒඩ්ස් රෝගින්ට ප්‍රතිකාර ලබාදිම සදහා රෝමය පදනම් කරගත් පුණ්‍යායතනයක් විසින් මෙම රෝහල පවත්වාගෙන යනවා.
මේ වනවිට එම රෝහලේ ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා ඇති බවයි වාර්තා වන්නේ. පාප්වහන්සේ මැඩගස්කරයේ සංචාරයකට ද එක්වීමට නියමිතයි.
