පොලිතින් නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධ විමර්ශනයක් ආරම්භ වුණා.
මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසියයි එය සිදුකරන්නේ. රටපුරා රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක් පරික්ෂාවට ලක්කර තිබෙනවා.
එම ආයතනවල ප්‍රමිතියෙන් සමන්විත පොලිතින් භාවිත කරන බවටයි තෙරතුරු හෙළි වුණේ.
කෙසේ වෙතත් පසුගිය දිනවල සිදුකළ වැටලීම් වලදී ප්‍රමිතියෙන් තොර පොලිතින් නිෂ්පාදනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ.
