සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් වන විරෝධතා නොවැම්බර් මස 21වනදාට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන නඩුව අභියාචනාධිකරණයේදී අද කැදවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණේ. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි චිත්‍රපටය සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය පිළිබදව මහාචාර්ය සරත් විජේසූරිය මහතා අපහාසාත්මක ප්‍රකාශ සිදුකර ඇති බව ඔහුට එරෙහි චෝදනාවයි. නඩුව නොවැම්බර් 25 වනදා යළි කැදවීමට නියමිතයි.