ශ්‍රි ලංකාවේ පළමු වේදනා පාලන හෙදියන් කණ්ඩායම පුහුණු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා. පාඨමාලාව ලබන මාසයේ ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
පළමු කණ්ඩායමට ඇතුළත් වන සංඛ්‍යාව 42ක්. සමාරම්භක උත්සවය ලබන මස දෙවනදා ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව අමාත්‍යංශය ප්‍රකාශ කළා. එක් එක් ක්ෂේත්‍ර වෙනුවෙන් විශේෂඥ පුහුණුව ලැබු හෙදියන් අදාළ අංශවලට යොමු කිරිමයි වැඩපිළිවෙලේ අරමුණ. ඒ අනූව දැඩි සත්කාරක භෙදියන්, හදිසි ප්රතිකාරක භෙදියන් ඇතුළු කණ්ඩායම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.