ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සහ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක වු අභාවප්‍රාප්ත සුෂ්මා ස්වරාජ් මහත්මියගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ ඉන්දියාවේ නව දිල්ලි නුවර දීයි.
හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ ඇය මිය ගියා. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර පෞද්ගලික රෝහලකදීයි. මියයන විට ඇය 67 වන වියෙහි පසුවූණා. 2016 වසරේදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට ඇය මුහුණ දුන් අතර අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඉන්දිය මහ මැතිවරණයටද සහභාගී වුයේ නැහැ. 1977 වසරේ දී දේශපාලනයට පිවිසි සුෂ්මා සුවරාජ් මහත්මිය ඉන්දියාවේ රජයන් කිහිපයක් යටතේ තනතුරු රැසක් හොබවා තිබෙනවා. ඇය එරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥවරියක මෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියකද වනවා. ඉන්දියාවේ හරියානා ප්‍රාන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාබාලම කැබිනට් අමාත්‍යවරිය වන්නේ ද ඇයයි. එමෙන්ම දිල්ලියේ පස්වන මහ ඇමතිවරිය ලෙසත් ඇය කටයුතු කර තිබෙනවා. 2014 වර්ෂයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා ඉන්දියාවේ විදේශ ඇමතිනිය ලෙස කටයුතු කළ ඒ මහත්මිය ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක ද වනවා. ඇයගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ඇයගේ අභාවය ඉන්දීය දේශපාලනයේ කීර්තිමත් පරිච්ඡේදයක අවසානයක් බවයි. ඇයගේ දේහය භාරතීය ජනතා පක්ෂ මුලාස්ථානයේ තැන්පත් කර තිබු අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීම සදහා එක්ව සිටියා. අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදු කෙරුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්.
————————————————————————————————————————————————————————————————————————————
ඉන්දීය හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් භාරත දේශයට සමුදෙයි
ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සහ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක වු සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාපත් වුණා. මියයන විට ඇය 67 වන වියෙහි පසුවූණා. හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ ඇය මිය ගියා. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර පෞද්ගලික රෝහලකදීයි.
2016 වසරේදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට ඇය මුහුණ දුන් අතර අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඉන්දිය මහ මැතිවරණයටද සහභාගී වුයේ නැහැ. 1977 වසරේ දී දේශපාලනයට පිවිසි සුෂ්මා ස්වරාජ් ඉන්දියාවේ රජයන් කිහිපයකම තනතුරු රැසක් හොබවා තිබෙනවා. ඇය එරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥවරියක මෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියකද වනවා. ඉන්දියාවේ හරියානා ප්‍රාන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාබාලම කැබිනට් අමාත්‍යවරිය වන්නේ ද ඇයයි. එමෙන්ම දිල්ලියේ පස්වන මහ ඇමතිවරිය ලෙසත් සුෂ්මා ස්වරාජ් කටයුතු කර තිබෙනවා.
2014 වර්ෂයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා ඉන්දියාවේ විදේශ ඇමතිනිය ලෙස කටයුතු කළ සුෂ්මා ස්වරාජ් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක ද වනවා. ඇයගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ඇයගේ අභාවය ඉන්දීය දේශපාලනයේ කීර්තිමත් පරිච්ඡේදයක අවසානයක් බවයි. අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.