සහරාන්ගේ කල්ලියේ අවි පුහුණුව ලැබූ තවත් සැකකරුවන් 3 දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා යටතේ ක්රියාත්මක වූ පොලිස් කණ්ඩායමකුයි මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ. ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ හා ජමාතේ මිල්ලතේ ඊබ්රහිම් සංවිධානයේ ක්රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කළ පුද්ගලයින් 3 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනුණා. ඔවුන් නුවරඑළිය හා හම්බන්තොට කඳවුරුවලදී අවි පුහුණුව ලබා ඇති බවයි වාර්තා වන්නේ. ගෙලිඔය ප්රදේශයේ පදිංචි මොහොමඩ් මන්සූර් ෂෙයිෆුල්ලා, මාවනැල්ල ප්රදේශයේ මුස්තාක් අලි අම්හර් හා මොහොම්මදු සාහීර් හිදායතුල්ලා යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් මේ වන විට ප්රශ්න කිරීම් සිදුකෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.