මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව වන්නේ මුඛ පිළිකාව බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසනවා. ලෝක පිළිකා දිනය වෙනුවෙන් කොළඹ පැවති සම්මන්ත්රණයකදීයි මේ බව අනාවරණය වුණේ.
ජාතික පිළිකා මර්දන වැඩසටහන නිකුත්කර ඇති වාර්තා අනුව සෑම වසරකදීම රට තුළ අලුතින් මුඛ පිළිකා රෝගීන් 2200 දෙනෙකු හඳුනා ගැනෙනවා. ඒ අනුව දිනකට අලුතින් මුඛ පිළිකා රෝගීන් හය දෙනෙකු වාර්තා වන බවයි ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/LlISH2BDx-Y”]
