fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් විදේශ විනිමය ඉපැයීමට ජපානයේ සහාය

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 10:22

ශ්‍රී ලංකාවට රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් විදේශ විනිමය ඉපැයීමට ජපානයේ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරමින් රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් විදේශ විනිමය වැඩි වශයෙන් ඉපැයීම සඳහා සහාය වීමට ජපානය ඉදිරිපත්ව සිටිනවා.

ශාකසාර මගින් රූපලාවන්‍ය නිෂ්පාදන සිදුකරන ජපානය විශාලතම කර්මාන්ත ශාලාවේ සභාපතිවරයා වන කොබයසී මහතා මෙරට ආයෝජන පිළිබඳව සොයා බැලීම සඳහා දිවයිනට පැමිණියා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දී ඒ මහතා පිළිගත්තේ ජපානයේ කොන්සල් ජනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතායි.

කොබයසී මහතාගේ සමාගම යටතේ වසර 10කට පමණ පෙර වයික්කාල ප්‍රදේශයේ රූපලාවන්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කෙරුණා.

එමෙන්ම මෙරට විශ්වවිද්‍යාල කිහිපයක් මගින් ශාකසාර ඇසුරින් රූපලාවන්‍ය සිදු කිරීමට අදාළ නිෂ්පාදන සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුකර තිබෙනවා.

එම දැනුම ද යොදා ගනිමින් මෙරට ශාක විශේෂ හා වදවී ගෙන යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක යොදා ගනිමින් වටිනා රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් ලෝකයට හදුන්වාදීමේ කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවීමට නියමිතයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්