නීති විරෝධී ලෙස යකඩ ප්රවාහනය කළ පුද්ගලයින් තුන්දෙනෙකු හම්බන්තොට වරාය පරිශ්රයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වුණා.
නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ හම්බන්තොට වරාය පරිශ්රයේ සිට නීතිවිරෝධී ලෙස ලොරි රථයකින් යකඩ කිලෝග්රෑම් 1500 ක් ප්රවාහනය කරමින් සිටියදී. සැකකරුවන් අම්බලන්තොට සහ හම්බන්තොට ප්රදේශවල පදිංචිකරුවන්. ඔවුන් යකඩ තොගය සහ ලොරි රථය සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.
