සංචාරක ක්ෂේත්රය සංවර්ධනය සඳහා ප්‍රවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කළා.
ගුවන් සමාගම්වල මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීමත් අරමුණක්. ඒ අනුව ඉන්ධන හා ලිහිසි තෙල් ආදිය මගින් භූමිය මත සිදු කරන මෙහෙයුම් සඳහා සපයන සේවාවන් වෙනුවෙන් ආයතන ගාස්තු .අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරක ක්ෂේත්රයට මතුවු අභියෝග වලට විසඳුම් සෙවීමයි අරමුණ. ඒ වෙනුවෙන් ඉන්දියාව, චීනය ඇතුලු රටවල් මූලික කරගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ද පවත්වන බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.