ඉඩම් හිමිකම් පිරිනැමීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමී තවත් අදියරක් අනිද්දා (07) පැවැත්වෙනවා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අම්පාරේදී ඉඩම් ඔප්පු 1452 ක් පිරිනමන බවයි නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.
මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් හිමිකම් පිරිනැමීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට ද රජය තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා සඳහන් කළේ.
