ඕමාන් ගල්ෆ් කලාපයේදී පසුගියදා ඛනිජ තෙල් නෞකාවලට එල්ලවූ ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුවන මොහොමඩ් බින් සල්මාන් පවසනවා.
ඉරානයෙන් තමන්ගේ රාජ්‍යයට එල්ලවිය හැකි තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමට කිසිවිටෙක පසුබට නොවන බවයි බින් සල්මාන් පවසන්නේ. ඛණිජතෙල් රැගත් නෞකා දෙකක පුපුරුවා හැරීම් පසුගිය බ්‍රහස්පතින්දා සිදුවුණා. ඊට මාසයකට පෙර ද එවැනිම පිපිරුමක් ඕමාන් ගල්ෆ් කලාපයෙන් වාර්තා වුණා. මෙම තත්ත්වයත් සමඟ අරාබිකරය තුළ දැඩි ආතතිකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය ද තමන්ගේ යුද නෞකා ඕමාන් ගල්ෆ් කලාපය වෙත පිටත්කර හැරීමට මින් පෙර කටයුතු කළා. කෙසේ වෙතත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ කිසිදු පදනමකින් තොර චෝදනා තම රාජ්‍ය වෙත එල්ල වෙමින් තිබෙන බවයි. ඇමෙරිකා හමුදා පසුගිය සිකුරාදා නිකුත්කළ වීඩියෝවක දැක්වුණේ ඉරානයට අයත් බෝට්ටුවකින් යම් පුපුරණද්‍රව්‍ය විශේෂයක් ඉවත්කරමින් සිටින ආකාරයයි. පසුගියදා ප්‍රහාරයට ලක්වූ තෙල් නෞකා දෙක සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය විශේෂ පරික්ෂණ කණ්ඩායමක්ද යොමු කර තිබෙනවා.