ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්රධානී ආචාර්ය අයි කේ මහානාම මහතාට සහ රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක මහතාට එරෙහි විමර්ෂණ අවසන් බව අල්ලස් කොමිසම අද (11) අධිකරණයට දැනුම් දුන්නා.
ඒ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අදාල නඩුව කැදවූ අවස්ථාවේදී. ඔවුන්ට එරෙහිව ඉදිරියේදි චෝදනා ගොනුකරන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ. අයි කේ මහානාම මහතා සහ පී දිසානායක මහතා අත්අඩංගුවට පත්වුණේ පසුගිය වසරේ මැයි මස තුන්වනදා. රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරිමයි ඔවුන්ට එරෙහි චෝදනාව.