පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට සතියක පමණ කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයට සහභාගිවිමේ අවස්ථාව ඔහුට අහිමි වනවා. මේ අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 14වන තරගය ජයග්‍රහණය කිරිමට ඉන්දිය කණ්ඩායම සමත් වුනා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 36කින් පරාජයට පත් කරමින්. ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ සිට මේ පිලිබඳ තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත හසිත අකලංක දෙයාලගේ.