තවත් උපාධිධාරින් පහලොස් දහසක් රාජ්‍ය සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා. පාසල් නිල ඇදුම් මාෆියාව අවසන් කරමින් වව්චර් ක්‍රමය හදුන්වා දුන්නද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තමා ජනාධිපති කොමිසම හමුවට කැදවා ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. බත්තරමුල්ලේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ බදවාගත් සංවර්ධන නිලධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට අනුයුක්ත කිරීමට අදාළ පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. පන්සිය අනූ දෙදෙනෙකු මෙහිදී පත්වීම් ලබා ගත්තා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=yjVr5MxD9xE&feature=youtu.be”]
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.