ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුව සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දුන් නියෝගය අත් හිටුවන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ලබන 30 වනදා සළකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා..
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33 දශම නවයක් සාවද්‍ය පරිහරණය කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වුණා. මෙම පෙත්සම අද දින විනිසුරු අචල වෙන්ගප්පුලි සහ විනිසුරු අර්ජුණ ඔබේසේකර මහතා ඉදිරියේදී කැදව්වා. ඒ අනුව ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ජනවාරි මස 11 වනදා නිකුත් කළ නියෝගයට එරෙහිවයි ප්රතිශෝධන පෙත්සම ඒ මහතා විසින් අභියාචානාධිකරණයේදී ගොණු කිරීමට කටයුතු කළේ.