ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ජයගැනීමේ හැකියාව දකුණු අප්රිකා කණ්ඩායම සතුවන බව ඩේල් ස්ටේන් ප්රකාශ කළා. මේවන විට ක්රීඩකයන් ඉහල දක්ෂතා ප්රදර්ශනය කරනවා. පසුගිය කාලයේ පැවති තරගාවලි රැසක් ජයගැනීමට දකුණු අප්රිකාවට හැකිවුණා. ඉන් ලබාගත් අත්දැකීම් එළඹෙන ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට හේතුවන බවයි අයි පී එල් තරග සදහා එක්ව සිටින ඩේල් ස්ටේන් පවසන්නේ.