උදාවන සිංහල, දෙමළ අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. රට වෙනුවෙන් එකට සිටිමු මඩකලපුවේ පැවති ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළකලා.
රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර පසුගිය අට වනදා මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ම ආවරණය කරමින් විවිධ වැඩසටහන් ඒ යටතේ ක්‍රියාත්මක කළා. එම වැඩසටහන් සදහා විශාල මහජන සහභාගීත්වයක් දක්නට ලැබීම විශේෂත්වයක්.
අද (12) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාප්ති උත්සවයේදී විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. දිස්ත්‍රික්කයේ ජනතාවට පොල්පැළ පන්දහසක්, කජුපැළ පන්දහසක් බෙදා දීම ඇතුළු තෝරාගත් පවුල් සදහා ස්වයං රැකියා සදහා ණය ප්රදානය, රණවිරුවන් සදහා නිවාස ආධාර ප්‍රදානයන් ද සිදුකළා. තිරසර පාසල් සංවර්ධන වැඩසටහන යටතේ පාසල් උපකරණ ප්රදානය, ගොවි විශ්‍රාම වැටුප් ප්රදානය, ආගමික ස්ථාන සදහා මූල්‍යාධාර ලබා දීම, රෝහල් සංවර්ධනය සදහා උපකරණ ලබාදීම, පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය ඇතුළු වැඩසටහන් ද ක්‍රියාවට නැංවුණා. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ පරිවාස භාරයේ සිටි දරුවන් දෙදෙනෙකු සිය පවුල්වෙත භාර කිරීම සිදු කෙරුණේ ද මෙම වැඩසටහනට සමගාමීවයි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සදහන් කළේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් රටට පැමිණෙන්නේ නැගෙනහිර පළාතෙන් බව මේ වන විට හදුනාගෙන ඇති බවයි. මෙම තත්ත්වය වළක්වා ගැනීමට වැටලීම් ශක්තිමත් කිරීමට ජනතාවගේ සහාය ද අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/tDdVLRm9bsY”]
මේ අතර තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ජාලයේ මඩකලපු දිස්ත්‍රික් මධ්‍යස්ථානය අද(12) විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. සමරුඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා. ජනාධිපති කාර්යාලයේ මෙහෙය වීමෙන් ජාතික සංවර්ධන ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ ක්‍රියාත්මක කර ඇති ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබ සාධන වැඩසටහන් රැසක් ගතවූ දින 5ක කාලය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නැංවුණා. ඒ පිළිබදව ප්‍ර දේශයේ ජනතාව පළ කළේ මෙවන් අදහසක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/0Y36e0HLeh8″]
