පවත්නා වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 9ක පවුල් පනස්හත්දහස් එකසිය හැත්තෑ හතරක් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. මේ අතර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ හදිසි ආපදා වන්දි සඳහා රජය රුපියල් මිලියන 1500ක් වෙන්කර ඇති බවයි.
නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හා පීඩාවට පත් පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සියලු ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂවරුන් ඊට එක්ව සිටියා. රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, මොනරාගල, මන්නාරම, කිලිනොච්චිය, පුත්තලම, ගම්පහ සහ අම්පාර යන දිස්ත්‍රික්වල ජනතාව නියඟයෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/l-t28AtIEy0″]
මේ අතර හෙට (12)දහවල් 12 ට මැදවච්චිය, පල්ලේකැටුවැව, හොරොව්පොතාන හා චීනබොක්ක වෙරළ තීරයට සූර්යයා මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ගෙවී ගිය පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 37යි දශම 5 වව්නියාවෙන් වාර්තා වුණා. පවත්නා අධික උෂ්ණත්වයේ වැඩි බලපෑම එල්ල වන්නේ කුඩා දරුවන්ට හා සුරතල් සතුන්ට බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. ජාත්‍යන්තරය ද විශේෂ ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ මෙම තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් හා සුරතල් සතුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/v6Kzl24siy0″]