හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේ සිට අද උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මාධ්‍යවේදියෙකුගේ මරණයට සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු බව සඳහන් කරමින් තමාට එරෙහිව එරට අධිකරණයේ සිවිල් නඩුවක් ගොනුකර තිබෙන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී කියා සිටියා. නඩුව සම්බන්ධයෙන් සිතාසි තමාට නිසි ලෙස නොලැබුණු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
එහෙත් මේ වන විටත් නීතීඥයින් මාර්ගයෙන් නඩුව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
හිටපු අග්‍ර විනිසුරු සරත් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන,අරුන්දික ප්‍රනාන්දු, රංජිත් සොයිසා, ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.
