නව අපනයනකරුවන් දෙදහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළා.
2020 වනවිට එම ඉලක්කය සම්පුර්ණ කරගැනිමයි අරමුණ. ඒ වෙනුවෙන් සම්මන්ත්රණ මාලාවක් ක්‍රියාත්මක බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ධම්මික ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.
අපනයන සංවර්ධන කාර්යයන් පිලිබඳව රාජ්‍ය නිලධාරින් සහ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරිම සහ ඒවාට විසඳුම් ලබාදීම ද ඊට ඇතුලත් බවයි අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.