කුරුණෑගල මගුරුඔය වත්තේ ඉදිකළ විශ්වෝදා විද්‍යාලය පස්වරුවේදී නිල වශයෙන් විවෘත කරනවා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීමේ අරමුණෙන් මෙම පාසල ඉදිකළේ ලගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ. ජන ඝණත්වය වැඩි දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් පහසුකම් සපිරි ජාතික පාසල් අලුතෙන් ඉදිකිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන්නේ. ඒ යටතේ ඉදිවුණු පලමු අංග සම්පුර්ණ පාසල වන විශ්වෝදා විද්‍යාලයට අතිනවීන පන්ති කාමර , භාෂාගාර , විද්‍යාගාර සහ පරිගණකාගාර ඇතුලු පහසුකම් රැසක් ඇතුලත්. ඉදිකිරිම් සදහා වැයකළ මුදල රුපියල් මිලියන දහසක්.