නේපාලයේ කදුකර ප්‍රදේශයකදී ට්‍රක් රථයක් ගඟකට පෙරළීමෙන් පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අවමංගල්‍ය උත්සවයකට ගොස් ආපසු පැමිණෙමින් සිටි පිරිසක් රැගත් ට්‍රක් රථයකුයි මෙසේ අනතුරට ලක්වුණේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 14ක්. පුද්ගලයින් 18 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගියා. අධික වේගය අනතුරට හේතුව බවයි එරට වාර්තා සදහන් කරන්නේ. නේපාලයේ කත්මන්ඩු නුවරට කිලෝමීටර් 70 ක පමණ දුරකින් පිහිටි ප්‍රදේශයකයි මෙම අනතුර සිදුවුණේ.
