නේටෝ සංවිධානය රුසියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ යුක්රේනයේ නෞකා සහ එහි කාර්ය මණ්ඩලය නිදහස් කරන ලෙසට දැනුම් දෙමින්.
මේ වනවිටත් අර්බුදකාරි වාතාවරණයක් හටගෙන තිබෙන අතර ඒවා සමථයකට පත්කිරිම සඳහා රුසියාව මූලිකත්වය ගත යුතු බවයි නේටෝ සංවිධානය පෙන්වා දෙන්නේ. යුක්රේනයට එරෙහිව හමුදා බලය යෙදවීම පිළිගත නොහැකි බවත් ඔවුන් ප්රකාශ කළා.